‘වර්ධා‘ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වීමත් සමඟ මන්නාරම් බොක්ක ඇතුළු උතුරු නැගෙනහිර වෙරළ තීරය රළු වේයැයි ධීවරයින්ට සිය ධීවර කටයුතුවලින් වැලකී සිටින ලෙසට ධීවර පරික්ෂක කාර්යාලය ධීවරයින්ට දැනුම් දුන්නේය.
අද (12) වන විට යාපනයේ කන්කසන්තුරේයි මුහුදු තීරයට කිලෝමීටර් 600 ක් නුදුරින් පිහිටීම නිසාවෙන් උතුරු හා නැගෙනහිර මුහුද දැඩි රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මීට අමතරව කිලිනොච්චිය දිස්ත්‍රික්කයට පෙර වසරවලට වැඩි අධික සීතලක් හා මී දුමක් දැක ගත හැකි වේ.
මේ කාලයේ ඊසාන දිග මෝසම් වැසි ලැබිය යුතු නමුත් මේ වන තුරු වැසි නොලැබුණු බවත් වියළි කාලගුණය පවතින මේ දිනවල උදෑසන කාලයේ මෙවන් සීතලක් ලැබෙන බවත් කාලගුණ දෙපාර්තුමේන්තුව කියයි.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/011.png)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/0211.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/0311.png)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/0411.png)
