ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් කිසිදු අවසථාවක මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීම සඳහා වන නිර්දේශයන් ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට ලබා දී නැතැයි එම සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පවසයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙම ස්ථාවරය සඳුදා (13) ලිඛිතව අධිකරණ සේවා සංගමයට මේ බව දැනුම් දෙන බවද රන්දෙණිය මහතා කීවේය.
නව මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්වීම ලැබ සිටින රාමනාදන් කන්නන් මහතා එම ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් යම් නිර්දේශයක් ලබා දී ඇත්දැයි යන්න අධිකරණ සේවා සංගමය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා විමසා සිටි බවත් , ඒ අනුව මෙම දැනුම් දීම කරන බවද ශ්‍රී ලංකා නීතීඥ සංගම් ලේකම්වරයා කීය.

