කිසි දිනක සයිටම් වහන්න බෑ


සයිටම් වෛද්‍ය සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලයක පවත්වන ඕනෑම පොදු විභාගයකට ඉදිරිපත් කිරීමට සූදානම් යැයි සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

විදේශ වෛද්‍ය පීඨවල සිසුන්ට ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයට නොදෙවෙනි අධ්‍යාපනයක් හා සායනික පුහුණුවක් සයිටම් සිසුන්ට ලැබෙන බවද ඔහු කියයි.

ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට හිතවාදී ප්‍රතිපත්තියක කටයුතු කරන හෙයින් කිසිදා සයිටම් ආයතනය වසා දැමීමක් සිදු නොවන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.