කිව්.ආර්. නිසා ඉන්ධන භාවිතය පහළ බැහැලා


(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන අවසර පත හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව මෙරට මාසික ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් අඩු වූ බවත් එමගින් ඉන්ධන ආනයනික වියදම අඩුකරගැනීමට හැකිවූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට ඩොලර් අර්බුදයකට ලක්ව සිටි අවස්ථාව කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් ලැබුණු වාසිය හේතුවෙන් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් යෙදවීමට හැකි වූ බව කියන ඛනිජ තෙල් සංස්ථාව එය හදුන්වාදී වසරක් සම්පූර්ණ වන විට වාහන ලක්‍ෂ 65 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ද සඳහන් කරයි.