ආගරපතන වතුකම්කරු පස්දරු මවකගේ ඩිම්බකෝෂයේ වැඩි තිබූ කිලෝ අටක් බර ඇති ගෙඩියක් කපා ඉවත් කිරීමට දික්ඔය මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සී.යූ.කුමාරසිරි මහතා සහ ශල්‍ය කර්ම විශේෂඥ වෛද්‍ය මහානාම දිසානායක මහතා ඇතුළු දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු සහ හෙදියෝ කණ්ඩායමක් අද (26)සමත්වූහ.
මෙම කාන්තාව දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ වෛද්‍යවරුන් එය පිළිකාවක් බවට සැකකර පසුව එම කාන්තාව මහනුවර රෝහලට යවා සීටීසී ස්කෑන් පරීක්ෂාවකින් පසු එය ඩිම්බකෝෂයේ හටගෙන ඇති ගෙඩියක් බවට වටහා ගැනීමෙන් පසු සැත්කම කැරිණි.
දික්ඔය රෝහලේ හදිසි අනතුරු වාට්ටුවක් හෝ නොමැතිව අවම කාර්ය මණ්ඩලයකින් යුතුව දැඩි වගකීමක් ගෙන මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකර ඇත.
ඉන්දියා ආධාර යටතේ අංග සම්පූර්ණ රෝහල් සංකීර්ණයක් ඉදිකර තිබුණත් එය මෙතෙක් විවෘත කර නොමැති බවත් පළාත් සභාව යටතේ පවතින මෙම රෝහලේ අවම පහසුකම් පවතින බවත් වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය විශාල අඩුවක් පවතින බවත් මෙම රෝහල මධ්‍යම රජයට ගන්නේ නම් රෝගීනට ලොකු සහනයක් බවත් කියති.

