කිලෝ 50ක බොරු රිදී වළලු අල්ලයි


රිදී ආලේප කළ තඹ වළලූ  කිලෝග‍්‍රෑම්  පනහක්  බැංකොක් සිට  මෙරටට ගෙන ආ කොළඹ ව්‍යාපාරිකයෙකු රේගුවේ රඳවාගෙන පරික්ෂණ සිදු කරණ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ  අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.

එම වළලූ බැලූ බැල්මට රිදී වළලූ ලෙස පෙනෙන අයුරින් රිදී  වල සම්මත සංඛේතය  කොටා තිබූ බව රේගුව කියයි.

රේගු නිලධාරීන් විසින් රසායනාගාර දෙකකට යවා  වළලු පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම පිළිබ‍ද තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් වළලූ ගණන තුන්දහසකි.  වළලු තොගය රුපියල් ලක්ෂ හයක  පමණ මුදලටකට  මිළට ගෙන ඇතැයිද  යම් හෙයකින් මේවා අළෙවි කළේ නම්  රුපියල් හැත්තෑපන් ලක්ෂයක මුදලක්  ජාවාරම්කරුවා  විසින් උපයාගැනීමට ඉඩ  තිබිණැයිද   රේගුව පවසයි.

ජාවාරම රට  පුරා සිදුවන බවට සැකකරන රේගුව මේ පිළිබඳව සැලකිල්ලෙන් සිටින ලෙස ජනාතාවට දැනුම් දෙයි.

රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී රෝහණ සේනාධීර මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින්   විශේෂ  විමර්ශනයක් අරඹා ඇත.