දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට අද රැගෙන ආ එළවළු කිලෝ හතලිස්දහසක් විකුණා ගැනීමට නොහැකිව කුණූ ගොඩට දැමු බව වෙළද සංගමයේ සභාපති බී ජී ඒකනායක මහතා කියයි.
අමු මිරිස් ,ගෝවා, රාබු ,නෝකොල් ,දඹල ,මෑකරල් ,වට්ටක්කා ,බණ්ඩක්කා නිවිති ,තක්කාලි හා බීට් රූට් මෙසේ කැලයට දමන විටම වල් අලි හා හරක් එහි රොක් වුහ.
ගෝවා කිලෝවක් රුපියල් පහකටවත් අළෙවි නොවීය.තක්කාලි රුපියල් දහයකි. බණ්ඩක්කා රුපියල් දහයයි පහළොවයි.වට්ටක්කා,මෑකරල් රුපියල් දහයයි.අමු මුරිස් රුපියල් දහයයි තිහයි.
එළවළු විසි කිරීමට හේතු වුයේ වෙලෙන්දන් බොහෝ දෙනා නොපැමිණී නිසා බවද මධ්‍යස්ථානය කියයි.