බංගදෙණිය කරුකුපොන වෙරළේදී කැස්බෑවකු මරා මස් අලෙවි කරමින් සිටි බව කියන ධිවරයන් දෙදෙනකු සමග කැස්බෑ මස් තොගය අත්අඩංගුවට ගත් බව හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
කිලෝ 25ක් පමණ බරැති මෙම කැස්බෑවා ධීවර දැලට හසුවී ඇත්තේ දියඹේ මසුන් මැරීමට ගිය අවස්ථාවේ බවට අනාවරණය වීයැයිද එම කාර්යාලය පවසයි.
ධීවර ආඥා පනත මගින් කැස්බෑවා ආරක්ෂිත සත්වයකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


