කිලිනොච්චියේ කඩ සියයක් ඉවරයි


කිලිනොච්චියේ පොදු වෙළඳපලේ කඩ සාප්පු සියයකට වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වීය. ඉතිරි වූයේ කඩ දෙක තුනක් පමනි. 

දැනට ලැබී තිබෙන තොරතුරු වලට අනුව වෙළදසැල් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඒවායේ තිබූ සියලූ බඩු භාණ්ඩද සමග සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශව ඇත.

ගින්න ඇතිවූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප‍්‍රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබේ.

ගින්න ඇතිව තිබෙන්නේ රාති‍්‍රයේ වීම නිසාවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බව පොලිසිය පවසයි.

10 05 06 08 09 10 12 16 (1)