දෙමළ ජාතික සංධානයේ කිලිනොච්චි දිසා කාර්යාලයයේ සෙනුරාදා (30) පැවති රැස්වීමකට මුහුණු වසාගත් පිරිසක් විසින් එල්ල කැරුණු ගල් මුල් ප්‍රහාරයකින් පහළොස් දෙනෙක් පමණ තුවාල ලැබූ බව දෙමළ ජාතික සංධානය කියයි.
ඇතැම් පරිස් අත ජාතික කොඩි තිබුණු බවත්, පස් දෙනකුට බරපතල තුවාල සිදුවූ බවත් එහි සිටි දෙමළ සංධාන මන්ත්‍රීවරු කියති.
ප්‍රහාරය එල්ල වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන පී සුහන්දිරම්, මාවෙයි සේනාධිරාජා, එස් ශ්‍රීධරන් හා, එස් සරවනධරන් මහත්වරුද එහි වූහ.