ෆුල්ෆේස් හෙල්මට් පැළඳ මොරටුව කුරුස හංදියේ පෞද්ගලික බැංකුවකට ආ දෙදෙනකු සේවකයන් දණගස්වා මුදල් කවුළුවෙන් රුපියල් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් පමණ කොල්ල කෑ ඇතැයි පොලිසිය කියයි.
ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන කිරුළපොනේ බැංකුව කොල්ල කන්නට ආ දෙදෙනා බැංකු මුරකරු වෙඩි තබද්දී පැන ගොස් ඇතැයි ද කිසිවකුට තුවාලයක් සිදුවී නැතැයි ද පොලිසිය පවසයි. ඔවුනට මුදල් කොල්ලකන්නට හැකිවී නැත.

