ආඩිඅම්බලම වල්පල පාර අයිනේ කාඩ් බෝඩ් පෙට්ටියක දමා ගිය මාසයක් වයසැති බිළිඳකු මීගමුව රෝහලට බාර දුන් බව කටුනායක පොලීසිය කියයි.
බස් හිමියකු බිළිඳා දැක පොලීසියට දන්වා ඇතැයි ද එහි ආ මවක බිළිඳාට කිරි පොවා ඇතැයි ද බිළිඳා සුවෙන් සිටින්නේ යැයිද රෝහල් ආරංචි කියයි.

