කිරිඇල්ල ෆොන්සේකාගේ ගුණ ගයයි


එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය  ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට දීම බොහෝ දුරට සිදු  වනු ඇති බව විශ්ව විද්‍යාල හා මහා මාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

හාරිස්පත්තුවේ පැවති උත්සව කිහිපයක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ, වසර 30 ක් පුරා පැවැති යුද්ධය අවසන් කළ නායකයා සරත් ෆොන්සේකා බවයි.

“එතුම හිරේ දාලා විශාල හානියක් පසුගිය රජය කළා. එතුමට මන්ත්‍රී ධුරයක්ධූරයක් ලබා  ලබාදීම ඉතා සුදුසුයි.”

ලබන 9 වැනිදා සරත් ෆොන්සේකා  මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දියුරුම් දීමට නියමිතය.