කිරිඇල්ල ගම්මන්පිල අගුපිලට දමයි


ප්‍රවෘත්ති හිඟයක් ගැන කතා කරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති මවමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කෙරෙන පාලමක් ගැන ප්‍රචාරය ගෙන යන බවත්, එවැනි පාලමක් ඉදි කිරීමේ අරමුණක් නැති බවත් මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මඟ නැඟුම උත්සවයක දී පැවසීය.

දේශීයත්වය අගය කරන බව කියන ගම්මන්පිල මහතා ලංකාවේ අගමැතිට වඩා ඉන්දියාවේ ඇමැතිවරයකු කියන කතාව පිලිගෙන ඇති බව පෙනේයැයි ද ඔහු කීවේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට උද්ඝෝෂණ හා විරෝධතා සඳහා මාර්තෘකා අහේනියක් ඇති බව පෙනේයැයි ද, මීතොටමුල්ලේ කුණු කන්ද අල්ලාගෙන ඇත්තේ එනිසා යැයි ද ඇමති සඳහන් කළේය..