මහනුවර දළදා මැදුර ඉදිරි පිට බෝගම්බර වැවේ මාළුන් ඇල්ලූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් මහනුවර පොලීසියේ කොට්ටාස දූෂණ මර්දන අංශය ඔහු ළඟ සිටි නොමළ මසුන් යළි වැවට දැමීය.
නුවර වැවේ මසුන් මැරීම සපුරා තහනම් වේ.
සැකකරු බිලී කොකු දමා මාළු ඇල්ලූ බව පොලීසිය කියයි.
ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.