සබරගමුව විශ්වවිද්‍යාලය තෝරාගත් ගොවීන්ට කිරිගව දෙනුන් බෙදා දුන්නේය.
රුපියල් තුන්ලක්ෂයක් වටිනා පර්සි එළදෙනුන් හය දෙනකු මෙහිදී ලබා දෙන ලදි.
උපකුපති මහාචාර් මහින්ද එස්.රූපසිංහගේ මහතාගේ උපදෙස් පරිදි ගව අභිජනන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පශුවෛද්‍ය ටී.ඒ. සංජීව ප‍්‍රසාද් ජයවීර මෙම ප‍්‍රජා සහන කටයුත්ත සංවිධානය කළේය.
මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන යටතේ රජයේ ඇස්තමේතුවට අනුව මෙලෙස ලබාදෙන දෙනුන්ගේ වටිනාකම තුන් ලක්ෂයකි. ජර්සි වර්ගයේ කිරිදෙනුන් 06 දෙනෙක් ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලන්හින්න කුඹල්ගම බෙලිහුල්ඔය ප‍්‍රදේශයන්හි එම්. ආර්. පොඩිබණ්ඩා, ජේ.ආර්.සුවාරිස්, ඒ. ආර්. පේ‍්‍රමරත්න, බී.එම්. අතුල සේනක, ඒ.ඩබ්.එස්.එන් ගුණතිලක යන අයවෙත ප‍්‍රදානය කෙරුණ. වැඩබලන උපකුලපති වසන්ත රත්නායක මහතා කෘෂිවිද්‍යා පීඨයේ පීඨාධිපති අසංග අමුපිටියාවත්ත මහතා මහාචාර්ය යසරත්න අමරසිංහ මහතා මූල්‍යාධිකාරී කේ.ඒ.ආර්.එස් ජයකොඩි මහතා සහකාර ලේඛකාධිකාරිනි චාරුනී විජේතුංග මහත්මිය ගොවිපළේ සේවක මහත්ම මහත්මීන් කෘෂිවිද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂඨාවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.