කිරි ගොවියාට තෑග්ගක්


(දර්ශන ගුණරත්න පදවි ශ‍්‍රී තිස්සපුර සිට ) - කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් නොමැතිව දුර්වල වෙමින් තිබූ පදවි ශ‍්‍රී තිස්සපුර යාය 12 කිරිගොවි සමිතියේ කිරි ගොවියන් ශක්තිමත් කිරීම හා ඔවූන් දිරිගැන්වීම අරමුණු කරගෙන නව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානයක් ආරියවතී ගලප්පත්ති මහත්මිය සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදි කළාය. 2002 වර්ෂයේදී ආරම්භ වු මෙම කිරි ගොවි සමිතිය, ආරම්භයේදී සාමාජිකයෝ 100ක පමණ ප‍්‍රමාණයක් කිරි ලබා දුන්හ.  මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා  බිම් කොටස ජයතිලක බණ්ඩා මහතා විසින් පරිත්‍යාග කෙරිණි. මෙහි ඉදිකිරීම් සාමාජිකයින්ගේ ශ‍්‍රම දායකත්වයෙනි.