කිරි අම්මා යළි කැලයට


බිංගිරිය වීරකොඩියානේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ගොඩට ගෙන මුදාහැරි බව ගැමියෝ කියති. දින කිහිපයක් ගමේ නිවෙස්වල කුකුළු කොටුවලට දිවියකු පැමිණෙන බවට ගැමින්ට දැනගන්නට ලැබී තිබිණි. ළිඳට වැටී සිටියේ එම දිවියා බව ගැමියන්ගේ අදහසයි.

අඩි තුනහමාරක් පමණ වන මේ දිවියා ගැහැනු සතකු බවත් ඇය පැටවුන්ට කිරිදෙන සතකු යැයි බැලූ බැල්මට පෙනෙන බවත් ගැමියෝ කියති. ගොඩට ගත් දිවියා වනජීවී නිලධාරීන්ට භාර දීමට උත්සාහ ගත්ත ද ඔවුන් සම්බන්ධ කරගැනීමට හැකියාවක් ලැබී නැත. දිවි ධේනුව පැටවුන්ට කිරි දෙන සතකු යැයි සිතූ බැවින් ගැමියන්ගේ තීරණය වූයේ තමන්ට කරදරයක් වුව ද ඇය මුදාහළ යුතු බවයි. ඒ අනුව දිවියා ගොඩගත් තරුණයෝ ම දිවියාට මුදා හැරීමට කටයුතු කළහ.  

10 11