කියුබ් 500 බලපත්‍රයෙන් පස් කියුබ් 61,000ක් කපලා


පස් කියුබ් 500ට අඩු ‘බී‘ ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරිමේ බලපත්‍රරයක් යොදාගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරැවන් පස් කියුබ් 61000 ක් කපා ඇති බවට තොරතුරු අනාවරනය වි ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකමි කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක කිර්ති  තෙන්නකෝන් මහතා පවසන්නේ අද (31)දිවුලපිටියේ සංචාරයක නිරත වු පරිසර අධිකාරියේ හා භු විද්‍යා හා පතල් කාර්යාංශයේ නිළධාරින් කණ්ඩායමක් විසින් මේ බව අනාවරනය කරගෙන ඇති බවයි.

දිවුලපිටියෙන් කපන පස් මුතුරාජවෙල ගොඩ කිරිම සදහා යොදාගන්නා බවත් එම කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේ දේශපාලනඥයකු හා දේශපාලනඥයකුගේ සමීපතමයකු බවත් තෙන්නකෝන් මහතා පවසයි. පගම්පහ දිස්ත්‍රික්කයේ පස් ජාවාරම මුල්කරගෙන ඝාතන 40 ක් පමණ සිදුවී ඇතැයි ද ඔහු කියයි.