මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමනින් ලොවපුරා අති සාර්ථකව තිරගත වෙන ‘එම්.එස්.දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන කියාරා අද්වානිට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්බීර් කපූර් සමගින් චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබි තිබෙන බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය සඳහන් කරනවා.
මෙසේ කියාරාට, රන්බීර් සමගින් චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබි ඇත්තේ ‘එම්.එස් දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටයේ ඇය කළ රංගනය නිසා බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් කියාරාද සතුටු වී ඇති අතර, ඇය සඳහන් කර ඇත්තේ තමා රන්බීර් සමග රඟපෑමට වඩාත් ආසාවෙන් පසුවූ බවයි.