නොච්චියාගම හල්මිල්ලකුලම වැවේ සිටි කිඹිල් පැටියෙක් සඳුදා අලුයම පැය පහක් නොච්චියාගම පොලිසියේ අපරාධ අංශයට වී සිටියේය.
අලුයම තුනට පමණ කිඹුලා එහි ආ බවත්, ඒ සමගම එහි සිටි පොලිසිය ඉවත් වූ බවත් වාර්තා වේ.
පොලිසියේ ඉල්ලීමක් අනුව වනජීවී නිලධරයන් පැමිණ කිඹුල් පැටියා විල්පත්තු වනෝද්‍යානයට මුදා හැරියේය.
හල්මිල්ලකුලම වැව පිහිටියේ පොලිසියට මීටර 400ක් පමණ දුරිනි.



