(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල කුඹුක්ගැටේ කිඹුල්වානා ඔය ඉස්මත්තේ විවිධ වර්ගවලට අයත් උණ්ඩ 108 සහිත මල්ලක් සොයා ගත් බව කුඹුක්ගැටේ පොලිසිය පවසයි.
ටී-56 වර්ගයේ උණ්ඩ අසූ තුනක් , එම් 16 වර්ගයේ උණ්ඩ 29 එම්.පි.එම්.ජී උණ්ඩ 16 මෙම ජී උන්ඩ තොගය මෙම ස්ථානයේ දමා ගිය පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
කුඹුක්ගැටේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

