කිඹුල් හූනන් විකුණන්න බැරි වෙයි


කිඹුල් හූනන් 12 දෙනකු අල්ලාගෙන එමින් සිටි තිදෙනෙක් ත්‍රීකුණාමලය තිහේ ධ්‍යන්‍යගම හන්දියේ දී, ත්‍රීකුණාමලය පොලිසිය විශේෂ කාර්ය බළකාය විසින් අද (26) අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ආ ත්‍රිරෝද රිය ද පොලිස් බාරයට ගෙන ඇත. මරදානේ තැරව් කරුවකුට විකිණීමට මේවා ගෙනැවිත් ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත.