කිඹුල් ක්‍රීඩකයෙන් ක්‍රීඩා පිටිය මැද


ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලියන්ස් හි ගොල්ෆ් ක්‍රීඩා පිටියකට පැමිණි දැවැන්ත කිඹුලකු ඉවත් කිරීමට උද්‍යාන පාලකයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

ප්‍රධාන ක්‍රීඩා තරඟයක් පැවැත්වෙමින් තිබූ මොහොතක ක්‍රීඩා පිටිය අසල වූ ඇල මාර්ගයකින් පැමිණි කිඹුලා නිසා තරඟය විනාඩි කිහිපයකට අතරමග නතර විය.

එහෙත් ‘කිඹුල් ක්‍රීඩකයා‘ ක්‍රීඩා ලෝලීන්ට මහත් ආස්වාදයක් එක් කළේය.