කින්ස්බරෝ කඨින පිංකම


ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කීස්බොරෝ ධම්ම සරණ විහරස්ථානයේ  කඨින පිංකම, එම විහරාධිපති,  ඕස්ටේ‍්‍රලියාවේ රාමඤ්ඤ නිකායේ   ප‍්‍රධාන සංඝනායක නාඔටුන්නේ විජිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.   

බම්බලපිටිය වජිරාරාම විහරාධිපති අමරපුර ධර්ම රක්‍ෂිත නිකායේ අනූනායක ත‍්‍රිකුණාමලේ ආනන්ද හා මහනුවර හාරිස්පත්තුවේ අමරපුර   නිකායේ සංඝනායක  හිඟුල්වල ඤාණාලෝක යන හිමිවරු ශ‍්‍රී ලංකා   වෙන්ද, මෙල්බොර්න් නුවර සියලුම ශ‍්‍රී ලාංකික විහරස්ථානවල ශ‍්‍රී ලාංකික   භික්ෂූන්වහන්සේලාද, මෙම පිංකමට වැඩමකළ  කළහ. එහිදී ඉංග‍්‍රීසි භාෂාවෙන්   ධර්ම දේශනය පවත්වන ලද්දේ කැම්බර්ෆීල්ඩ් භාවනා ම්‍යස්ථානයේ    විහරාධිපති හොරොව්පොතානේ සතීන්ද්‍රිය හිමියන් විසිනි.

මෙල්බර්න් නුවර   යූරොක් දහම් නිකේතනාධිපති  කෝට්ටේ සන්තින්ද්‍රීය හිමියෝ  කඨින මහා පිංකමේ මුලසුන හෙබවුහ.

ශ‍්‍රී ලාංකික සැදැවතුන්ගේ නොමසුරු දාන පරිත්‍යාගයන්ගෙන් මෙම  කඨින පිංකම පැවැත්විණි.