කින්නියාව රත් කළ සිව් දෙනා රිමාන්ඩ්


ත්‍රිකුණාමලයේ කින්නියා හා කොට්ටකරිච්චි උතුරු මහවැලි රක්ෂිතයේ දැව හොරෙන් කපා කරත්තවලින් රැගෙන ආ සිව් දෙනෙක් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් යූ.එල්.එම් අග්බාර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

ඔවුන් පොලිසියට රැගෙන එද්දී වන නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ගැල් මුල් ගසා කින්නියා තඹලගමු පාරේ ටයර් පුළුස්සා බාධා කළ කළහකරුවන් මෙල්ල කිරීමට හමුදා බලඇණි ද කැඳැවිණි.

මුස්තාෆා බද්හුදීන්, ජලල්දීන් මොහොමඩ් හනීෆ්, වහබ් ලෙබ්බේ මොහොමඩ් අලි සහ මුස්ථාෆා අවුන්නොෆ් අලි සැකකරුවන් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූ අතර කරත්ත හතර හා ගොනුන් අට දෙනා ද පොලිස් බාරයට ගැණිනි.