(ඩී.ජි.සුගතපාල)
කිතුල් ගසක් මැදිමට ගිය පුද්ගලයෙකු අද (03) ගස උඩම මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොරවගම කරුවලතොට පදිංචි රණසිංහ විරක්කොඩි නමැති 63හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු නිවස ඉදිරිපිට ඉඩමේ ඇති කිතුල් මැදිම සඳහා අද (03) උදේ කිතුල් ගසට නැග ඇති අතර ඔහු ගස උඩම මියගොස් ඇත.
පසුව ප්‍රදේශවාසින් පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිසිය පැමිණ සිරුර බිමට ගෙන ඇත. පොලිසිය පැවසුවේ හෘදයාබාධයකින් මරණය සිදුව ඇතැයි සැකකරණ අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර ඇල්පිටිය රෝහලට ගෙන යාමට නියමිතව තිබිණ.

