කිත්රුවන් - ඇන්ජලෝ - සචිත් එක්දින සංචිතයට කැඳවීම් ලබති


බංග්ලාදේශයට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක‍්‍රීඩකයන් වන කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා සහ සචිත් පතිරණ ඇතුළත්ව සිටිති.

ආබාධයට ලක්ව සිටින මහේල ජයවර්ධන මෙම සංචිතයට ඇතුළත්ව නැති අතර රංගන හේරත් විවේක ගන්වා තිබේ. තිලකරත්න ඩිල්ෂාන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව තරගාවලියට සහභාගි වීම තීරණය වේ.

පළමු එක්දින තරග දෙක මේ මස 23 සහ 25 දෙදින සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරග ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත්, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සචිත‍්‍ර සේනානායක, උපුල් තරංග, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ශාමින්ද එරංග සහ සචිත් පතිරණ