කිත්රුවන් විතානගේ (නොදැවී 157) සහ අෂාන් ප‍්‍රියංජන් (83) පැවැත්වූ අගනා සම්බන්ධතාව නිසා සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03) ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 398 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට යොවුන් පිතිකරු කිත්රුවන් විතානගේ පන්දු 157 කදී හතරෙ පහර 17ක් සහ හයේ 2 ක් සමගින් නොදැවී ලකුණු 157 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිලේ කඩුලූ 4 ක් ලකුණු 104 කට බිද වැටී තිබියදී කිත්රුවන් විතානගේ සහ අෂාන් ප‍්‍රියංජන් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 159 ක සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
අෂාන් ප‍්‍රියංජන් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 117 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 83 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිලේ නායක ඇන්ජලෝ පෙරේරා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
උදාර ජයසුන්දර මුඵ ලකුණු 52 කදී දැවී ගිය අතර ඉදිරි පෙළ පිතිකරුවන් හතර දෙනා විශාල ඉනිම ගොඩනැගීමට අපොහොසත්වීමෙන් ලකුණු 104 කට කඩුලූ හතරක් බිද වැටීමෙන් යම්තරමක අසීරු තත්ත්වයකට පත්විය.
බංග්ලාදේශ 21 හැවිරිදි පිට දග පන්දුයවන ක‍්‍රීඩක සොහග් ගෂි දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 103 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
අද (04) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල
අෂේන් සිල්වා ඇ. ජවුරුල් ස්ලාම් ප. රුබෙල් හොසේන් 29
උදාර ජයසුන්දර ප. සොහග් ගෂි 20
ෂෙහාන් ජයසූරිය ඇ. මහ්මුදුල්ලා ප. එලියස් සනී 26
ඇන්ජලෝ පෙරේරා ස්ටම්ප් මුෂ්ෆිකුර් රහීම් ප. සොහග් ගෂි 15
කිත්රුවන් විතානගේ නොදැවී 157
අෂාන් ප‍්‍රියංජන් ඇ. ජවුරුල් ස්ලාම් ප. සොහග් ගෂි 83
නිරෝෂන් දික්වැල්ල ඇ. මර්ෂල් අයුබ් ප. සොහග් ගෂි 14
ඉෂාර ජයරත්න ක. මූ. කළා ප. සොහග් ගෂි 5
දුලංජන් මෙන්ඩිස් ක. මූ. කළා ප. මහ්මුදුල්ලා 6
ළහිරු ගමගේ ක. මූ. කළා ප. එලියස් සනී 18
අතිරේක 25
එකතුව ඕවර 89.5 කදී කඩුලූ 9 ක් දැවී 398
පන්දුවට පහර දීමට සිටින පිතිකරු: කසුන් මධුසංඛ
කඩුලූ වැටීම:
1-52(ජයසුන්දර), 2-83(සිල්වා), 3-104(පෙරේරා), 4-104(ජයසූරිය), 5-263(ප‍්‍රියංජන්), 6-295(දික්වැල්ල), 7-301(ජයරත්න), 8-320(මෙන්ඩිස්), 9-398(ගමගේ)
පන්දු යැවීම:
අබුල් හසන්: 6.0.29.0, රුබෙල් හොසේන්: 17.1.71.1, සොහග් ගෂි: 30.5.103.5, මහ්මුදුල්ලා: 10.0.35.1, එලියස් සනී: 16.5.1.74.2, මොමිනුල් හක්: 3.0.19.0, මොහොමඞ් අෂ්රෆුල්: 3.0.23.0, නසීර් හොසේන්: 4.0.33.0
බංග්ලාදේශ පිල:
මුෂ්ෆිකුර් රහිම්, එනමුල් හක්, මොහොමඞ් අෂ්රාෆුල්, ජහුරුල් ස්ලාම්, මහ්මුදුල්ලා, නසීර් හොසේන්, මොමිනුල් හක්, සොහග් ගෂි, එලියස් සනී, රුබෙල් හොසේන්, අබුල් හසන්
(ඡයාරූප: ශාන්ත රත්නායක)
අෂාන් ප‍්‍රියංජන්ගේ ඉනිමෙන්..
කිත්රුවන්ගෙන් ශතකයක්...