අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු සතියේ තරගයේදී රතු කාඞ් පතින් අවවාද කර පිටියෙන් ඉවත් කළ මහනුවර කිංග්ස්වුඞ් විදුහල් පිලේ ක‍්‍රීඩකයකුට තරග දෙකක තහනමක් පැනවීමට පාසල් රග්බි සංගමය අද (22) පියවර ගත්තේය.
එම සතියේදී ක‍්‍රීඩකයන් 6 දෙනකු රතු කාඞ් පතින් අවවාද කර පිටියෙන් ඉවත් කළ අතර ඉන් සිවුදෙනකුට මේ වන විට තරග දෙක බැගින් තහනම් කර තිබේ. සෙසු ක‍්‍රීඩකයන් දෙදෙනාට ඉදිරියේ දඩුවම් පැනවීමට නියමිත බව පාසල් රග්බි සංගමය පවසයි.