කිංග්ස් පිලට කඩුලු 6 ක ජයක්


(රොෂාන් ගුණරත්න)

දිනේෂ් චන්දිමාල්ගේ (නොදැවී 68) පිතිහරඹය හමුවේ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගයේදී යාපනය ස්ටැලියන්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කිංග්ස් පිල අද (4 වැනිදා) සමත්විය. ඒ අනුව යාපනය ස්ටැලියන්ස් පිලේ අපරාජිත වාර්තාව බිඳවැටුණි.


ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කිංග්ස් පිල ඕවර 19.2 කදී සිය ඉලක්කය පසුකර යෑමට සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 148 ක් රැස්කිරීමට සමත්විය.


කාසියේ වාසිය දිනාගත් කොළඹ කිංග්ස් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

 

 

වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න