කිංග්ස් XI පිලට ලකුණු 4 ක තියුණු ජයක්


අයි. පී. එල්. තරගාවලියේ 20 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (16 වැනිදා) පැවති තරගයේදී කොල්කටා නයිට්රයිඩර්ස් පිල පරදවා ලකුණු 4 ක තියුණු ජයක් ලබාගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ මන්ප‍්‍රීත් ගෝනි, පන්ජාබ් පිලේ 8 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිස හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 18 කදී වේගවත් ලකුණු 42 ක් රැස්කරමින් අවසන් ඕවර 5 දී තම පිලට ලකුණු 58 ක් එක්කර දුන්නේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ සුනිල් නරේන් කඩුලූ ති‍්‍රත්වයක් ලබාගත් අතර සචිත‍්‍ර සේනානායක  ඕවර 4 යවමින් ලකුණු 28 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

කිංග්ස් XI පන්ජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 157
(මන්දීප් සිං 41, මනන් වෝරා 17, ඬේවිඞ් හසී 12, ඬේවිඞ් මිලර් 20, මන්ප‍්‍රීත් ගෝනි 42, පියුශ් චවුලා 11, සුනිල් නරේන් 33/3, ජැක් කලිස් 24/3, සචිත‍්‍ර සේරසිංහ 28/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 153
(ගෞතම් ගම්භීර් 60, ඉයන් මොර්ගන් 47, යූසෆ් පතන් 13, රජත් භාතිය 16, අසාර් මහමුද් 21/3, ප‍්‍රවීන් කුමාර් 26/2, පරර්වින්දර් අවානා 39/2)

(**)