ඉන්දීය ප‍්‍රධාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 6 වැනි තරගය ලෙස පූනේහිදී අද (07) පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානු හිටපු ප‍්‍රවේගකාරි පිතිකරු ඇඩම් ගිල්ක‍්‍රිස්ට් මෙහෙයවූ කිංග්ස් XI පංජාබ් පිල කඩුලූ 8 කින් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් පූනේ පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 4 කදී හතරේ පහරක් සමගින් ලකුණු 4 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
පූනේ පිල නියෝජනය කරන ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාජ් සිං පිට කොන්දේ ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයෙන් ඉවත්ව සිටියේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 99
(රොබින් උත්තප්පා 19, රෝස් ටේලර් 15, අභිෂේක් නයාර් නොදැවී 25, මිචෙල් මාෂ් 15, ප‍්‍රවීන් කුමාර් 31/2, අෂාර් මහ්මූඞ් 19/2)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 12.2 කදී කඩුලූ 2 ට 100
(ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 15, මන්දීප් සිං 31, මනාන් වෝරා නොදැවී 43)