කෑමෙහි පමණ නොදන්නෝ


රූප ආදි අරමුණු සුබ ලෙස                      තකන කම්මැළි නොදන්නා කෑමෙහි පමණ        ගැන වීරිය හීනයන් මැඬහෙළයිමරු                 අණ සුළඟබල ගස් මැඩ හෙළන                 විලසින ( කුඩා කළුමහ කළුහිමිවරුන් වෙනුවෙනි)
සඳැස් ගය- තිලක් නවරත්න
01. යමක වග්ගෝ 07. සුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රියෙසු අසංවුතංභොජනම්හි ච අමත්තඤ්ඤූුං කුසීතංහීනවිරියංතං වෙ පසහති මාරො වාතො රුක්කංචදුබ්බලං 06. නිදාන කතාව බිරියන් අට දෙනකුට වැරැදුණු හැටි සේතව්ය නුවර දනවත් වෙළෙඳ පවුලක් හිටියා. මහ කළු,මද්දුම කළු,කුඩා කළු යැයි තුන් සෝවුරන් දැහැමින් වෙළෙදාම් කළා. කුඩා කළුහෙවත් චුල්ලකාලට බිරියන් දෙදෙනායි. මද්දුම කළුට බිරියන් හතර දෙනයි. මහ කළුට බිරියන් අට දෙනයි. මහකළුසොවුරාණන් බිරියන් අට දෙනකු සමඟ වාසය කළත් හරි ම දැහැමියි. පවු කම්හි බියයි. වෙළෙදාමෙහි සැවැත් නුවර ආ වරක දහම් අසා පැවිද්දට කැමති වුණා. මල්ලී ගෙන් පෙරැත්තයෙන් අවසර ලබා පැවිදි වුණා. කුඩා කළු මල්ලී ද පැවිදි වුණා. ඒ ‘කවර දා හෝ අයියා සිවුරු හරවා ගෙදර කැටුව යනවා නැතිනම් අපේ වෙළඳාමට මහ පාඩුවක්’යන යටි අරමුණ ඇතිව යි. කුඩා කළු හිමියන් ගේ හිත ගෙදරයි බිරියන් ළඟ යි. මෙනෙහි වන්නේ විඳි කම් සුව යි. වෙළෙදාම යි. බිරියන් ගැන ඉසි සිත යි. සැක සිත යි. ඒ කල සේතව්ය නුවර වැසියන් ගේ ඇරියුමින් බුදුරජාණන් වහන්සේ පන්සියයක් සඟ පිරිස ද සමඟ ඇට්ටේරිය වනයට වැඩමකළා. මහකළු, සුළු කළු දෙ නමත් ඒ අතර වැඩසිටියා. ඒ දෙනම ගේ ගිහි කල බිරියන් ඒ වග දැනැගත්තා. සුළුකළුබිරිය නිවට සැමියා ගෙදරට කැඳවා සිවුරු හරවා ගිහි ඇඳුමට බැස්සුවා. ඒ දුටු මහකළුබිරියන් අටදෙනා ද මහකළු හිමියන් ගෙදරට වඩම්මා වටකැරැ ගත්තා. ඒත් ඔවුනට ඒ රහත් වතට අත තබන්න වත් ඉඩ ලැබුණේ නෑ. මහකළු රහතන් වහන්සේ ඉදුහයෙන් වහල විවර කැරැගෙන අහසින් වැඩමකළා. බිරියන් අට දෙනා ලැජ්ජාවට පත්වුණා. දුබලයන් කෙලස් මරු වසඟ ව පිරිහෙන සැටිත් බලැතියන් කෙලෙස් මරු පරයා දිනන සැටියත් සිරිමුවින් ගැයුණා.