කෑම විස වී සිසුන් 9ක් රෝහලේ


(ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පද්මසිරි)

පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය පවසයි .

පාසලෙන් ලබා දුන්  බත් , කංකුන් මැල්ලුමක් , පරිප්පු , කරවල මිශ්‍ර අලබැදුමක් මෙම  සිසුන් ආහාරය ට ගෙන  ඇති බවත් , පසුව ක්ලාන්ත වී මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කරනු ලැබිනයි පොලිසිය කීය

මෙම සිසුන් අතර  සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිට්න බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහලේ  ප්‍රකාශයකු   සදහන් කළේය .