දිවා විවේකයේදී කෑම නුදුන්නැයි බහින්බස් වීමකින් පසුව සිසුවියකට සපත්තුවෙන් ගැසූ සිසුවෙක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
දෙහිවල පාසලක අට වසරේ 14 හැවිරිදි සිසුවියකගේ පාදයකට ඒ වන විට සැත්කම් පහක් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
සිසුවිය ජූනි 14 වැනිදා සිට වරින් වර කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය උසාවියට දැන්වීය.
පාසලක සිද්ධියක් නිසා නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට උපදෙස් දුන්නාය.