මැතිවරණ කොමසාරිස් විසින් සැපයුණු ආහාර දීමනාව නොලැබුණු බව කියන කුරුණෑගල ලංගම බස් 168ක සේවකයෝ පැය තුනක් ඡන්ද පෙට්ටි ප්‍රවාහනයෙන් ඉවත් වූහ.
ඡන්දයේ ආහාර සැපයූ නිලධරයා වන වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුවනෙක හේරත් මහතා මැදිහත් වී ප්‍රශ්නය විසඳුවේය.
මැතිවරණ කොමසාරිස් විසින් ලංගමයට සැපයුණු ආහාර දීමනාව අවලංගු කළ ඔහු එම සේවකයනට ආහාර සැපයීමට පියවර ගත්තේය.
ඒ අනුව ඔවුහු මැතිවරණ රාජකාරි පමා වී ඇරැඹූහ.

