කෑගලු සතිපොළ ඉල්ලා වෙළෙන්දෝ අගනුවර එති


කෑගල්ලේ පැවැති  66 වැනි නිදහස් උත්සවයේ වැඩ කටයුතු සඳහා   කෑගල්ල නගර සභාව මගින් තාවකාලිකව තමාගෙන් ලබා ගත් සතිපොළ   නගර සභාවෙන් නැවත තමන්ට නොදෙතියි පවසමින්  කෑගල්ල සතිපොළ  සංගමයේ නිලධාරීන් චෝදනා කළත් නගර සභාවෙන් එවැනි දෙයක් සිදු කර නැතතැයිද පොළ භූමිය සංවර්ධන වැඩ කටයුතු අවසන්  වු පසු නැවත ඒ අවශ්‍ය කටයුතු සුදානම් කැර දීමට සුදානම් බව ද කෑගල්ල නගරාධිපති ජී කේ සමරසිංහ මහතා මහතා කියයි.

වෙළෙන්දන් පවසනුයේ නිදහස් උත්සවයට සමගාමීව ඉවත් කළ සතිපොළෙහි කඩ කාමර 105 ක් සති දෙකක් වසා දමා ඇති බවත් මේ හේතුවෙන් තොග වශයෙන් තමන්ගෙන්  එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් මෙන්ම එහි රැකියාව කරන  සේවකයින්ගේ පටන් සියළු  දෙනාම කබලෙන් ලිපට වැටී ඇති  බවයි.

මේ පිළිබඳව විසඳුමක්  අපේක්ෂාවෙන් තමන් අද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට පැමිණ බව හා  එහිදි බලධාරීන් හමු වී මේ පිළිබඳ පැවසු විට කියා ඇත්තේ බලධාරීන් හා සාකච්ඡා කැර දින හතරක් ඇතුලත විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි.