කෑගල්ලේ දී බස් බස් ගැටී 28ක් රෝහලට


(චමින්ද වැවතැන්න)

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් මගීන් 28 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පැවසීය.

මගීන් 26 දෙනෙක් කෑගල්ල මහ රෝහලටත් දෙදෙනෙක් වරකාපොළ මූලික රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ කෑගල්ල නගරයේ සිට රත්නපුර බලා පෞද්ගලික මගී බස් රථයක්  වේරගොඩ සිට කෑගල්ල බලා ධාවනය වෙමින් තිබුණු කෑගල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක ගැටී ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් පසුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ අධික වාහන තදබදයක් ද පැවති අතර තුවාලකරුවන් 1990 ගිලන් රථයෙන් හා මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු රථවාහන මගින් රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.