කෑගල්ල පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්


කෑගල්ල ඩිපෝවේ බස් සේවකයකුට ප්‍රාදේශීය දේශපාලඥයකු පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි රාත්‍රී සේවයේ නිරත කෑගල්ල පොලිසියේ පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් බස් සේවකයෝ දෙදිනක් පුරා වර්ජනය කළහ. ඔවුහු පාරේ ටයර් පුළුස්සමින් ද විරෝධය පෑහ.