කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලක සභාවට පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව හා විරෝධය පළ කරන බව එම විශ්ව විද්‍යාලයයේ ආචාර්ය සංගමයේ ලේකම් එන් ජී ඒ කරුණාතිලක මහතා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලිපියක් යවමින් කියයි.
එම පත්කිරීම දේශපාලන පත්කිරීමක් බව ද කරුණාතිලක මහතා සඳහන් කරයි.
දෙසැම්බර 20 වැනි දා ට පෙර තෙන්නකෝන් මහතාගේ පත්වීම අවලංගු නොකළහොත් වෘතීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද එම ලිපියේ දැක්වේය.
කරුණාතිලක මහතාගේ ලිපියේ පිටපත් ජනපති, අගමැති සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිටද යොමු කර තිබේ.
මේ ගැන කළ විමසීමක දී කීර්ති තෙන්නකෝන් මහතා කීවේ පාලක සභාවට තමා පත් කර ඇති බවයි. තමාට එරෙහිව ලිපියක් යවා ඇතිබව නොදන්නේයැයි ද , එල්ල කර ඇති චෝදනා ගැන චෝදනා කරන උදවියගෙන්ම අසන්නැයි ඔහු කියයි.



