කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසර සිසුවකු තමාට ආචාර්යවරුන් තිදෙනකු පහර දුන්නැයි කියමින් කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් දමා ඇතැයි පොලිස් ආරංචි කියයි.
ආචාර්යවරුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීමට ඔවුන් අද පොලිසියට කැඳවීමට නියමිතය.
තමා ෆේස්බුක් ඔස්සේ පළකළ අදහස්වලට කිපී එම පහරදීම කළ බව කියමින් එම පැමිණිල්ල කර ඇතැයි කියති.
සිසුන්ට එරෙහිව සරසවියේ සිදුකරතියි කියන පහර දිම් නවතන ලෙසත් ඉල්ලා කැළණි සරසවියේ සිසුහු අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ.
කැළිණි සිසුන්ගේ සහයට එමින් පේරාදෙණියේ සිසුහු ද ගලහ මංසන්ධියේ උද්ඝෝෂණයක් ඇරඹුහ.
(කැළණි සරසවිය ඉදිරිපිට)
(පේරාදෙණිය සරසවි සිසුන් )
විඩියෝ ලාල් ඒස් කුමාර

![3212[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32121.png)
![3217[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32171.png)
![3220[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32201.png)
![3227[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32271.png)
![3232[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32321.png)


