කැසිනෝ කාසියට හැමදේම යටවෙනවා - ඇමැති චම්පික


දින කිහිපයකට යුරෝපා සංචාරයක් සදහා පෑමිණි ඇමැති පාඨලි චම්පික රණවක මහතා නෑවත රෝම ගුවන් තොටුපළින් ඩුබායි බලා යෑමට සුදානම් වු මොහොතේ එසෑණ සමග කෙටි දුරකථන සංවාදයකට එක්විය.

 ප්‍රශ්නය

යුද්ධය අවසන් වී වසර පහක් ගතවී තිබෙනවා, පස්වන ජයග්‍රාහි යුද සෑමරුමට සහභාගි විමට ඔබ රෝමයටත් පෑමිණියා. යුද්ධය අවසන් කිරිමත් සමගම වර්තමාන රජය කෙරෙහි විශාල ජනතා බලාපොරොත්තුවක් ඇති වුණා. ඒ ජනතා බලාපොරොත්තුව සපල කරන්න ඔබ නියෝජනය කරන රජයට හෑකි වුණාද?

පිළිතුර,

එල් ටි ටි ඊ සංවිධානය කියන්නේ යුද දෙශපාලන හා මතවාද යන කරුණු තුන එක්ක ලොකයේ තිබුණු බලගතුම ත්‍රස්තවාදි සංවිධානය.

යුරෝපයේ නාසිවාදය යුදමය අතින් වගේම දේශපාලන හා මතවාදයෙන් පරාජය කරන්න යුරෝපයට  පුලුවන් වුණාට එල් ටි ටි ඊ ත්‍රස්තවාදය යුදමය අතින් පරාජය කළත් දේශපාලන හා මතවාදෙන් පරාජය කරන්න තවම අපිට නොහැකි වෙලා තියෙනවා.

අන්න ඒ මතවාදය තමයි වෙනම රටක් ඉල්ලලා දෑන් කෑ ගහන්නේ. එකට ඇමෙරිකාව එන්ගලන්තය වගේ ප්‍රබල රටවල් ඔවුනට උදව් කරනවා. අපි මොන පහසුකම් දුන්නත් උතුරේ බහුතරය ඉන්නේ වෙන් වී යා යුතුයි කියන මතවාදයේ. අන්න ඒ මතවාද පරාජය කරන්න අපිට පුළුවන් වෙන්න ඕනෑ.

 එන්ගලන්ත යටත් විජිතයෙන් පසු අපෙ රටේ මාර්ග පද්ධතිය අද නවිකරණය වෙලා තියෙනවා. ජලය විදුලිය දුරකතන පහසුකම් ගමින් ගමට අරන් ගිහින් තියෙනවා.

දිනෙන් දින ඉහළ යන පරිසර දුෂණයත් එක්ක පිරිසිදු වතුර ටිකක් රටේ ජනතාවට ලබා දෙන්නෙ කොහොමද? ඉහළ යන ජිවන වියදම අඩු කරන්නේ කොහොමද? රටේම කතා බහට ලක්වෙලා තියෙන මහා පරිමාන දුෂණය නෑති කරන්නේ කොහොමද? රාජ්‍ය දුෂණයෙන් තොර රටක් නිමාණය කරන්නේ කොහොමද? මෙන්න මෙවාට අපි දිර්ඝ කාලින සෑලසුම් සකස් කළ යුතුයි. නෑත්නම් රට විනාසය කරා යන එක වළක්වන්න බැහැ.

 ප්‍රශ්නය,

හොදයි කෑසිනෝ බදු සහන පනතේදි ඔබ එයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. රජයේ බහුතරය පක්ෂ වෙද්දී ඇයි ඔබ විරුද්ධ වුණේ?

පිළිතුර,

 මෙක ජනතා රැල්ල දිහා බලා අපි ගත් තිරණයක් නොවේ. පක්ෂයක් විදියට සාමුහිකව හිතලා ගත්තු තිරණයක්. දැනටමත් අපේ රටේ කැසිනෝ ස්ථාන හතරක් තියෙනවා. මේ එන්න යන්නේ මෙගා කෑසිනෝ සුදු පොළක්. මෙතනදි සුළු අවි හරඹ ,ගණිකා සේවනය අනිවාර්යෙන්ම බිහි වෙනවා. ඒ වගෙම මහා පරිමාණ කළු සල්ලි වෙළද පළක් ඇති වෙනවා.

 මහා නායක හාමුදුරුවරුන් ආගමික නායකයින් වගේම රටේ බහුතරය මෙගා කෑසිනෝවට විරුද්ධ වෙද්දි පාර්ලිමේන්තු අනුමැතියක් ගන්න තරම් කැසිනෝ ව්‍යාපාරය බලවත් වුණා.

ඔවුන්ගේ මුදල් වලට හෑම දේම යටයි. ඕක අපේ රටට ගෙනාවොත් පාර්ලිමේන්තුවක් වෑඩක් නෑති වෙනවා. මොකද රටේ තිරණ ගන්න තැන බවට කැසිනෝ හල පත් වෙනවා. සුදුවට හොරකමට මත්කුඩු ජාවාරමට අපි විරුද්ධ නිසා දිගටම අපේ සටන අපි ගෙනියනවා.

ප්‍රශ්නය,

 විදෙශ වල සිට පවත්වාගෙන යන සිංහල මාධ්‍ය කිහිපයක සටහන් කර තිබුණේ ඉදිරියේදි ඔබ ඈතුලු තවත් ඈමති වරයකුට විරුද්ධව ක්‍රියා කිරිමට රජයේ ඈතෑම් පිරිස් සුදානම් බවයි. මෙවෑනි තිරණවලට යෑමෙදි ඈමැති කම අහිමි වෙන්නත් පුළුවන්. එවැනි දෙයක් සිදු වුණොත් ඔබට බලය අහිමි වෙනවා නේද?

 පිළිතුර,

අපි ඇමැති කම් බබලවපු  අය. අපිට දෙන්නේ මොකක්ද  දුන්නේ මොකක්ද අපි ඒ හෑම තෑනදීම වෑඩ කරලා පෙන්නුවා. බලය දිහා බලාගෙන නෙමෙයි අපි තිරණ ගන්නේ ප්‍රතිපත්ති මත සිටයි. මගේ ඇමැති කම නැති කරන්න පුළුවන් එකම පුද්ගලයා ජනාධිපති තුමා විතරයි. එතුමාට ඒක කරන්න අවශ්‍ය නම් ඒක කරයි. ඇමැති කම් නැති වුණා කියලා අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ

( විශේෂ ස්තුතිය දඹදෙනියේ ධම්මාරාම හිමියන්ට)