”රටේ ආගම්, සංස්කෘතිය සහ සදාචාරය විනාශ කරන කැසිනෝ සූදුව අපට එපා” යන තේමාවෙන් කොම්පඤ්’වීදිය ජනතා පෙරමුණු කොම්පඤ්ඤවීදියේදී උද්ඝෝෂණයක් කළහ.
ලොව සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ”ජේම්ස් පැකර්” විසින් කොම්පඤ්ඤවීදිය ආසන්නයේ ඉදිකිරීමට නියමිත කැසිනෝ සමාජ ශාලාව වහාම මෙරටින් ඉවත් කරන ලෙස උද්ඝෝෂකයෝ කීහ.
කැසිනෝ ව්‍යාපාරය සමග මත්කුඩු සහ ගණිකා ව්‍යාපාරයද ව්‍යාප්ත විය හැකි නිසා තරුණ පරම්පරාව විනාශය කරා යාම නතර කළ නොහැකි බව උද්ඝෝෂකයෝ කීහ.

