කැස්බෑවෝ මුදා හැරෙති


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා කැස්බෑ අභිජනන සංරක්ෂණ සංගමය එක්ව ජනාධිපතිතුමන්ගේ  ජන්ම දිනය නිමිති කැරගෙන  කොස්ගොඩ වෙරළ තීරයේදී   කැස්බෑ පැටවුන් සියයකට අධික ප්‍රමාණයක් මුහුදට නිදහස් කැරිණි.

වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා  සහ වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා  වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්  එච් ඩී  රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගී වුහ.