කැස්බෑවුන් මරණ තැනක් මීපුරයෙන් අල්ලයි


මීගමුවට එන දෙස් විදෙස් සංචාරකයිනට කැස්බෑ මස් සපයන කැස්බෑ ඝාතනාගාරයක් මීගමුවේ මැදපිටිපනදී වලාන දුෂණ මර්දන ඒකකයෙන් අද වැටැලිණි.

මැරූ කැස්බෑවකුද මරන්නට ගෙන ආ කෑස්බෑවන් තිදෙනකු ද සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් අඩු ගණනේ මේ ස්ථානයේ කැස්බෑවන් සියයක්වත් මරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.ආරක්ෂිත සත්වයකු වන කැස්බෑවා මැරීම සපුරා තහනම්ය.