කල්පිටියේ දී කැස්බෑ මස් කිලෝ 11ක් හා බිත්තර 424ක් ද සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැස්බෑවා මුහුදේ දී මරා මස් සහ බිත්තර බෝට්ටුවකින් ගොඩට ගෙන එමින් සිටිය දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර දුර්ලභ දාර කැස්බෑවකු කොස්ගොඩ මුහුදු තීරණයේ මැරී සිටි බව ධීවරයෝ කියති.
මීටර් තුනකට වඩා දිගැති දාර කැස්බෑවා දැල්වල පැටලී මැරෙන්නට ඇතැයි අනුමාන කෙරේ.