දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා 17 මාසයකට පසු දඹුල්ල පොලිසියෙන් පිළියන්දලට මාරුවක් ලැබීය.
ඔහුගේ සේවය අැගයීමටත්, සමු ගැනීමටත් ගම් නියම්ගම්වලින් බොහෝ පිරිස් පොලිසියට ආහ.
කැවුම්, කොකිස් කිරිබත් රැගෙන ආ ඔවුන් සමඟ මහා සංඝරත්නය ද වැඩම කළහ.
සමරකෝන් මහතාගේ පියාත්, සීයාත් පොලිසියේ සේවය කළහ.
දඹුල්ලේ හෙරොයින් මත්කුඩු හා කසිප්පු උවදුර බොහෝ දුරට තුරන් කිරීමටත්, පවුල් ආරවුල් විසඳීමටත්, අපරාධ අවම කිරීමටත් ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.
ඔවුහු බොහෝ දෙනෙක් හඬා වැටුණාහ.
මිනිස්සු ද, ගැහැණු ද හැඬූහ. සිවිල් සංවිධාන නායකයෝ ද හැඬූහ. දඹුල්ල පොලිස් ඉතිහාසයේ මෙවැනි සමු ගැනීමක් මෑතකදී වාර්තා නොවීය.











