බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු වෙනුවෙන් අද සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී උපන්දින සාදයක් පැවැත්විණි. අද නොවැම්බර් 14 දා චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරුගේ 65 වැනි උපන්දිනයයි. බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි චාර්ල්ස් කුමරු අද සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අරලියගහ මන්දිරයට ගියේය. චාර්ල්ස් කුමරුගේ උපන්දිනයට ජනාධිපතිවරයා ද සුබ පැතුවේය. කුමරු වෙනුවෙන් අරලියගහ මැදුරේ දේශීය කැවිලි පෙවිළි වලින් සමන්විත සාදයක් ද පිළියෙල කැර තිබිණි. හෙට ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩල රටවල නායක සමුළුවේ ප්‍රධානියා වන්නේ චාර්ල්ස් කුමරුය. ඔහු මේ සමුළුවට සහභාගී වන්නේ සිය මව වූ දෙවැනි එලිසබෙත් රැජන නියෝජනය කරමිනි. උපන් මොහොතේ පටන් කිරුළට හිමිකම් කියූ චාර්ල්ස් කුමරු එවැනි විදෙස් නායක සමුළුවක මුළසුන දරන්නේ බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියා වසර 65 ක් ගතවූ පසුව වීම විශේෂත්වයකි. එලිසබෙත් රැජන සිය සෞඛ්‍ය තත්ත්වය සළකා චාර්ල්ස් කුමරුට රාජ්‍යත්වයේ වගකීම් පවරමින් සිටියි. ඇය විශ්‍රාම ගන්නා බව ද පැවසේ. හෙට දිනය චාර්ල් කුමරුගේ රාජ්‍යත්වයට වැදගත් දිනයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෙට සිට වසර දෙකක කාලයක් පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය උසුලනු ඇත.