ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකාය විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලිය මේ මස 16 වැනිදා උදෑසන 9.00 සිට කුරුණෑගල, පාන්ගොල්ල යුද හමුදා කඳවුරේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ.
‘සියැට් - ස්ලාඩා’ ශූරතාව සඳහා වන තරගද ඇතුළත්ව තරග ඉසව් 22 කින් සමන්විත වන මෙවර තරගාවලියට යතුරු පැදි ධාවකයන් සහ මෝටර් රථ තරග රියදුරන් 200 කට පමණ ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.
(ඡයාරූපය -: ජයමාල් චන්ද්‍රසිරි)
‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලිය සඳහා ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරන සියැට් ආයතනයේ අළවි හා ප‍්‍රවර්ධන උප සභාපති රවී ඩඞ්ලානි මහතා විසින් මේජර් ජෙනරා උභය මැදවල මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රදානය කරන අයුරු....